Lanka lead පොසොන් කලාපයට සාදරයෙන් පිළිගන්නෙමු.

පොසොන් පොහොයේ නොදුටු පැතිකඩ පිළිබඳ විස්තරාත්මකව දැන ගැනීම සඳහා පහත ඇතුළත් විස්තර කියවන්න, රසවිඳින්න...

Lanka Lead News පෙසොන් කලාපයට සාදරයෙන් පිළිගනිමු...

Lanka Lead කාර්ය මණ්ඩලය

ලංකා ලීඩ් ඩිජිටල් පොසොන් කලාපයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නෙමු.

Lanka lead පොසොන් සිතුවිල්ල

ලෝකයටම බලපා ඇති මෙම කොරෝනා ගෝලීය වසංගතය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මෙලොවින් සමු ගත්හ. ඒත් සමඟම තව බොහෝ දෙනා බොහෝ අසාද්‍ය තත්වයේ රෝහල් වල ප්‍රථිකාර ලබති.

එම නිසාවෙන්ම ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවලටද මෙවර පැවැත්වෙන පොසොන් උත්සව කාලයට පොසොන් අසිරිය විඳීමට නොහැකි වී තිබේ. 

එම නිසා Lanka Lead හි පොසොන් සිතුවිල්ල නම් ලෝකයේ සියළු දෙනාට නිදුක් නීරෝගී දිවියක් ගත කිරීමට ප්‍රාර්ථනා කිරීම සමහ එම ගෝලීය වසංගත තත්වය හේතුවෙන් වෙනදා නොදුටු පොසොන් අසිරිය ඩිජිටල් කරණයෙන් ඔබ වෙතට ගෙනහැර පෑමයි. එය ඔබගේත් අපගේත් අනාගතයට සුභ දායක වනු ඇත.

LANKA LEAD NEWS කාර්ය මණ්ඩලය



පින්බර පොසොන් මංග්‍යයක් වේවා..!

ලංකා ලීඩ් පෙසොන් කලාපයට පැමිණි ඔබට අපගේ ප්‍රණාමය. මෙම පොසොන් කලාපයට පැමිණෙන ඔබට,

  • පොසොන් පොහොයේ වැදගත්කම සහ ඒ ආශ්‍රිත කරුණු විස්තරාත්මකව
  • පොසොන් පොහොය හැඳීන්වීම වීඩියෝවකින්
  • පොසොන් පොහොයේ වටිනාකම
  • පොසොන් පෙහෝ ධර්ම දේශනා සජීවිව හෝ වීඩියා් වශයෙන්
  • පොසොන් පොහොය ජනතාව සැමරූ ආකාරය වීඩියෝ සහ රූප රාමු මඟින්
  • පොසොන් පෙහොය ආශ්‍රිත කවි බණ, බොදු බැති ගී
  • අධ්‍යාපනික වශයෙන් පාසල් ළමුන්ට වැදගත් කරුණු රාශියක්
  • අප වෙනදා දුටු පෙසොන් අසිරිය වීඩියෝ වශයෙන්
  • පෙසොන් පොහොය ආදර්ශයට ගෙන තම ජිවිතය සාර්තක කර ගැනීමට මග

යනුවෙන් බොහෝ ජිවිතයට වැදගත් කරුණු රාශියක් සහ පොසොන් පොහොයේ නොදුටු පැතිකඩ ගැන විස්තරාත්මකව මෙහි ඇතුළත් වේ. අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට මෙය තම අධ්‍යාපනයට බොහෝ රුකුලක් ද වේ.

ඔබගේ නිවසේ හෝ ඔබ අවට පරිසරයේ පොසොන් සුන්දරත්වය අපට පහත G-mail විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන්න.

lankaleadnews85@gmail.com 

lanka lead news

lanka lead

පොසොන් කලාපය



Lanka lead news

පොසොන් පොහොයේ වැදගත්කම

පෙසොන් උත්සවය යනු

පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ.


lanka lead news

මහින්දාගමනයෙන් පසු ලංකාවේ සිදුවු විශේෂ සිදුවීම්

මහින්දාගමනයෙන් පසුව ලංකා දීපයට බොහෝම වැදගත් විශේෂ සිදුවීම් රාශියක් සිදු විය. ඒ අනුව අප පහත පරිදි එය බෙදා වෙන් කරමු.

බුදු දහම ලංකාවට පැමිණීම

බුදු දහම ලංකාවට පැමිණියේ මිහිඳු හිමියන් ඇතුළු පිරිවරක් මෙරටට පැමිණීමත් සමඟය. මිහිඳු හිමියෝ මෙරටට බුදු දහම රැගෙන ඒමට පෙර අතීතයේ මිනිසුන් පුද පූජා පැවැත්වූයේ ගස්, ගල්, පර්වත සහ පිළිම වැනි වස්තූන්ටය.

පසුව මිහිඳු හිමියන් ලක් වැසියන්ට ධර්මය දේශනා කිරීමෙන් පසුව ඔවුන් ඒ සියල්ල පසෙකලා බුදු දහමට නැඹුරුව කටයුතු කළහ.

වෙහෙර විහාර ඉදිවීම

ලංකාවට මිහිඳු හිමියන් වැඩමකොට ධර්මය දේශනා කරන තෙක්ම අතීතයේ මිනිසුන් වෙහෙරක් නොහොත් ස්තූපයක් යනු කුමක්දැයි දැන නොදත්හ. ඒ හෙයින් මිහිඳු හිමියෝ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට ස්තූපයක් කරවන ලෙස එකල රජව සිටි දේවානම්පිය තිස්ස රජුට දැන්විය.

රජු ස්තූපයක් කුමන හැඩයකින් යුක්තදැයි නොදත් නිසා එහි හැඩය රජු මිහිඳු හිමියන්ගෙන් විමසන ලදී. එයට පිළිතුරු වශයෙන් උන් වහන්සේ පවසා සිටියේ වී ගොඩක් ගොඩ ගැසූ විට සෑදෙන හැඩට ස්තූපයකට සමාන බවයි. ඒ අනුව දේවානම්පිය තිස්ස රජු මිහිඳු හිමිගේ අනු දැනුම ඇතිව ස්තූපය කරවීය. පසුය එයට නම වශයෙන් ථූපාරාමය යන නාමය යෙදවීය. අදටත් අනුරාධපුරයේ තිබෙන්නේ ඒ ථූපාරම චෛත්‍ය රාජයායි.

එයින් පසු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර ඉදි කිරීම ඇරඹිය.

ශ්‍රී ලංකාවේ භික්ෂු සාසනයේ ආරම්භය

ලංකාවට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය රැගෙන ආවේ මිහිදු මහරහතන් වහන්සේය.ඉන්පසු ධර්ම විනය නොයෙක් විට වෙනස්කම් වලට භාජනය වූහ.එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්‍රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි.මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.

පොසොන් පොහොය” ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි.ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි.මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය.පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය. 

 බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි වි මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.බෞද්ධ සමාජයේ ගිහි පැවිදි සියලු දෙනාගේම ප‍්‍රධානම අරමුණ වන්නේ සසර දුකින් මිඳීමය. නමුත් ඊට පළමුව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියා උත්සාහ කළ යුතු ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ධර්මානුකූල මඟ පෙන්වීම ලබාදීම, පැවිද්දාගේ යුතුකම වෙයි. පැවිද්දා විසින් ලබා දිය යුතු මෙම මඟ පෙන්වීම කුමක්දැයි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අයුරු, සිඟාලෝවාද සූත‍්‍රයෙහි දැක්වෙයි. ඒ අනුව ගිහි ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව පැවිද්දකු විසින් ඉටු කරනු ලබන, ඉටු කළ යුතු, සේවා මෙසේ ය.

  • පවෙන් වැළැක්වීම
  •  කුසළ කර්මයන්හි යෙදවී
  •  සෙත් පැතීම
  •  නොදන්නා දෙය ඉගැන්වීම
  •  දැන සිටින දෙය පුහුණු කරවීම
  •  සුගතියට මග කියා දීම 

ගිහියාට පස්පව්, දස අකුසල් ආදියෙහි අනිසි විපාක පෙන්වා දෙමින්, ඔහු දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ආදී පුණ්‍ය කටයුතු වල යොදවනු ලබන්නේ භික්‍ෂූන් වහන්සේ ය. එසේම උපතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී තම දායකයන්ට සෙත් පැතීම උන්වහන්සේගේ සිරිතකි. දරුවකු මවුකුසින් බිහිවීමට ආසන්න වන විට සෙත් පිරිත් කියවා ගන්නා අතර, පසුව නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, නව නිවෙසකට ගෙවැදීම, රැකියා සඳහා පිටත්වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, ආදී බොහෝ වැදගත් අවස්ථාවන්හිදී ආගමික චාරිත‍්‍ර වලට මුල්තැන දෙමින් ඒවා සිදුකිරීම, වර්තමානයේ වූවද දැකගත හැකි ය. එසේම මෙම අවස්ථාවන්හිදී භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම බොහෝ සෙයින්ම සිදු වෙයි. උන්වහන්සේ ද එවැනි අවස්ථාවන්වලදී දායකයන්ට සෙත් පැතීම තම යුතුකම සේ සලකති. ඈත අතීතයේ සිටම ගිහි ජනයාට ලෝකය, ජීවිතය පිළිබඳ ;මන්ම හොඳ නරක පිළිබඳද කියාදෙනු ලැබුයේ, පැවිදි උතුමන් විසිනි. එසේම ලාංකික සමාජයේ නූතන බටහිර අධ්‍යාපන ක‍්‍රමය ආරම්භ වීමට පෙර අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේ ද පන්සලයි. ගුරුවරයාගේ කාර්යය ද භික්‍ෂූන් වහන්සේගෙන් ඉටු වූ නිසා උන්වහන්සේට ලැබුණු සමාජ ගෞරවය තව තවත් වැඩි විය. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය ද ගිහි සමාජයට කියාදීම ලංකාවේ භික්ෂු සමාජ‍යේ වගකීමයි.  

ජය ශ්‍රී මහා බෝධීය වැඩම කරවීම

ශ්‍රී ලංකාවේ වංශ කථා වලට අනුව ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ රෝපණය කරන ලද්දේ ක්‍රි.පූ 288 වෙනි වර්ෂයේදිය. එය ආවෘතබීජයකින් පැල කර ගත් ඒ වර්ගයේ අති පැරණි වෘක්ෂයක් ලෙස සැක හැර දැන ගෙන තිබේ. අශෝක රජතුමාගේ පාලන කාලයෙන් අවුරුදු 12 ක් ගත වී එළඹුනු එම වසරේදි සංඝමිත්තාවන් විසින් ගෙන එන ලද බෝධි වෘක්ෂයෙහි දකුණු ශාඛාව දේවානම්පියතිස්ස රජතුමා විසින් මහා මේඝ වන උද්‍යානයෙහි රෝපණය කරනු ලැබින. බුදුන් වහන්සේ තම පිරිනිවන් මඤ්චකයේදි ඉටු විය යුතු කාරණා පහක් සම්බන්ධයෙන් නියමයන් කර සිටියහ

. ඉන් එකක් නම් ලංකාවට ගෙන යා යුතු බෝධි අංකුරය ගයා වෙන්ම විය යුතුය. එය පාඨලිපුත්ත සිට තාමලිප්ති වෙතටද එහිදි නැවක තබා මුහුදින් ජම්බුකෝල වෙතද ගෙන යා යුතුය, අවසානයේ එන මාර්ග‍ෙය් තිවක්ක හිදී නැවති පසුව අනුරාධපුරයට පැමිණුනේය. බෝ පැලය රෝපණය කිරීමේ උත්සවයේදි කාජරගාම සහ චන්දනාගාම සහ තිවක්ක නම් වූ ප්‍රදේශ වල ප්‍රධානින් රජුට සහයෝගය දුන්හ. පෙර බුදුවරුන්ගේ බෝධින්. ලංකාවේ වංශ කථා වලට අනුව (උදා ම.ව.xv) මෙම කාලයේදි පහල වූ බුදුවරුන්ගේ බෝධි වෘක්ෂයන්ගේ ශාඛාවන් ද අද අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය පිහිටි භූමියෙහි රෝපණය කර තිබේ.

 කකුසඳ බුදුන්ගේ බෝධි ශාඛාව රුචානන්දා නම් මෙහෙණි නමක්ද කෝනාගම බුදුන්ගේ බෝධි ශාඛාව කන්තකානන්දා සහ කාශ්‍යප බුදුන්ගේ බෝධි ශාඛාව සුධම්මා නම් මෙහෙනින් වහන්සේලා විසින් ගෙන එනු ලැබ ඇත. වර්තමානයේ පැල රෝපණය කිරීම. නව දිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ ශ්‍රී මහා බෝධි අංකුරයක් 1993 දී රෝපණය කරන ලදි


lanka lead news

ඉහත සඳහන් කළ ථූපාරාමය පිළිබඳ කෙටි විස්තරයක්

ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ ‍චෙෙත්‍ය වන්දනාව හඳුන්වා ‍දෙන ලද්දේ මහින්ද හිමියන් විසිනි. මහින්ද හිමියන් කරන ලද ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි ක‍ළේය. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව ‍මෙහි නිදන් කර ති‍බේ.

 චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ‍ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි (වී ‍ගොඩක අකාර‍යෙනි). ‍මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. ‍දෙවැනි අග්බෝ රජ සම‍යේ එය සම්පූර්ණ‍යෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ‍ගොඩනංවන ලදී. අපට වර්තමාන‍යේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 1862 දී ‍ගොඩනැංවු දාගැබයි.

 එම නිසා දාගැබෙහි වර්ථමානයේ හැඩය ඝණ්ඨාකාර වේ. ‍ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට ‍පෙනෙන්නට තිබෙන ‍චෙෙත්‍යයේ ගර්භ‍යේ පාදම අඩි 59 (මී 18) විශ්කම්භයකින් යුතුය. උස අඩි 11 අඟල් 4 කි. (මී 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මී.50.1) මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු ‍පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය. දාගැබ වටා මුල් කාල‍යේ වටදා‍ගෙයක් තනා තිබු‍නේය.


lanka lead news

ඉහත සඳහන් කළ සංඝමිත්තා තෙරණිය පිළිබඳ කෙටි විස්තරයක්

සංඝමිත්‍රා තෙරණිය (සිංහල උරුව:සංඝමිත්තා තෙරණිය) අශෝක අධිරාජ්‍යයාගේ සහ ඔහුගේ "දේවී" නම් බෞද්ධ රැජිණගේ දියණියයි. සංඝමිත්තාගේ සොයුරු මහින්ද සමග ඇය බෞද්ධ භික්ෂුණී ශාසනයට ඇතුළත් වූවාය. මෙම සහෝදරයා සහ සහෝදරිය බුදු දහම පැතිරවීම සඳහා පසුව ශ්‍රී ලංකාවට ගියහ. ඇයට සංඝමිත්තා යනුවෙන් නම තැබීමට වෙනත් හේතුද ඉදිරිපත් වෙයි. ඒවාට අනුව ඇය අශෝක රජුගේ බාලම දියණියයි. වැඩිමහල්ලා මහින්ද කුමරුය.

 කාලිංග යුද්ධය අවසාන වීමෙන් පසු අශෝක රජු තම බෞද්ධ දේවිය සමග බුද්ධාගම වැලඳ ගත් අවස්ථාවේ දියණියට බෞද්ධ නමක් තබන ලෙස කරන ලද ඉල්ලීම අනුව ඇයට සංඝමිත්තා යන නම දේවිය විසින් යොදා ඇත. අශෝක රජු තම දරුවන් ධර්ම දූත කටයුතු සඳහා විදේශ රටකට යැවීමට තීරණය කළේය. ඇයට ගරු කරන දිනය සෑම වසරකම දක්ෂිණායන දිනයයි. නැතහොත් දෙසැම්බර් 21 වැනි දිනය. ලකාවේ රජකල දේවනම්පියතිස්ස රජු (ක්‍රි:පූ: 250-210) අශෝක රජුගේ (ක්‍රි:පූ:304-232) සමකාලීන මිත්‍රයෙකි. එතුමාගේ ඉල්ලීමක් පරිදි ලංකාවේ බුදුදහම ස්ථපිත කිරීම සඳහා සංඝමිත්තා තෙරණිය සහ මිහිඳු හිමියන්(මහින්ද) පසුව ලංකාව බලා නැව් නැග පිටත් වේ. 

ඉන්දියන් සාගරය ඔස්සේ යාත්‍රා කල මෙම පිරිස ලංකාවේ උතුරු පලාතේ යාපනය නගරයෙන් 16km ක් ඔබ්බට වන්නට ඉන්දියන් සාගරයේ වෙරලාසන්නය ඔස්සේ පිහිටි “මතාගල” නම් වු ග්‍රාමයට ගොඩබසින ලදී. මිහිඳු හිමිගේ ලංකාගමනයත් සමඟ එහි වැසියන් බෞද්ධයන් බවට පත් විය. මේ නිසා “අනුලා” බිසව සහ රජ මැඳුරේ තවත් කාන්තා පිරිසක් බුදු සසුනේ භික්ෂූණීන් ලෙස පවිදි වීමට තිස්ස රජුගෙන් අවසර ඉල්ලා සිටියේය.[1][2][3][4][5] ඒ සඳහා ධර්මාශෝක අධිරාජ්‍යයා තවත් භික්ෂූණීන් පිරිසක් ලංකාවට පිටත් කර හරින ලදී. මෙම පිරිස මුල් වීමෙන් ලංකාවේ භික්ෂුණි ශාසනය ආරම්භ විය. එපමනක් නොව, ඇගේ ලංකාගමනේදී ශ්‍රි ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනමාන කිරීම සඳහා ඉන්දියාවේදී බුදුන් වහන්සේ බුදුවීමේදී සෙවන දුන් බෝධියේ රෝපණය කරන ලද දක්ෂිණ ශාඛාවක්ද ශ්‍රි ලංකාවට ගෙනෙන ලදී.එය අනුරාධපුරයේ රෝපණය කරන ලදී.

 ලාංකික බෞද්ධ ජනතාව ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන මෙම බෝධි ශාඛය වර්ථමානය වන විටත් නොනැසී පවතී. සෑම වසරකම උඳුවප් මස පොහෝ දිනයේදී (දෙසැම්බරයේදී) මෙම බෝධිය ඉතා උත්සවශ්‍රීයෙන් වන්දනාමාන කරනු ලැබේ. එය ශ්‍රි ලංකා බෞද්ධයන් ලද අගනා පූජනීය වස්තුවක් ලෙස සලකයි.[2


about us
lanka lead news

දේශපාලන ලොවේ නොසිතන පෙරළි ගැන අලුත්ම තොරතුරු දැන ගන්න පිවිසෙන්න...


LANKA LEAD NEWS


lanka lead news

Gallery

පොසොන් පොහොය නිමිත්තෙන් ජනතාව අපට එවූ රූප රාමු මෙහි ඇතුලත් වේ.

ඔබගේ නිවසේ හෝ ගම්මානයේ අසිරිමත් පොසොන් ඡායාරූප අප වෙත එවන්න.

lankaleadnews85@gmail.com 

ප්‍රේක්ෂකයන් විසින් අප වෙත එවූ පින්තූර රාමු වහයෙන්...



lanka lead news

පොසොන් පොහෝ ධර්ම දේශනා




ලංකා ලීඩ් පොසොන් කලාපය සමඟ එක්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය

මෙවර ලංකා ලීඩ් පොසොන් කලාපයට සහභාගි වූ එබ සැමට අපගේ ප්‍රණාමය සහ හදපිරි ස්තූතිය පුදකර සිටිමු.